පාසල් වෑන් රථයක් කැබ් රථයක ගැටී සිසුන් 7 ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොටදෙණියාව, දිවුල්දෙණිය නාල්ල පාලම අසලදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අද(08) උදෑසන අනතුරට ලක්ව තිබේ.

අනතුරින් පාසල් වෑන් රථයේ ගමන් ගත් ළමුන් 08දෙනෙකුගෙන් ළමුන් 07දෙනෙකු තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

අලව්ව දෙසින් ගම්පහ දෙසට ධාවනය වූ කැබ් රථයක් පාසල් වන රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පස්සර නමුණුකුල, තැන්නනේකුඹුර ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06දෙනෙකු තුවාල ලැබූ බව පස්සර පොලිසිය පවසයි.

නමුණුකුල සිට මියනකඳවුර දෙසට ධාවනය වූ ජෙනරේටර් යන්ත්‍රයක් පටවාගත් ලොරි රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් 06දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු බදුල්ල රෝහලට ද අනෙක් පුද්ගලයින් 04දෙනා පස්ස රෝහලට ද ඇතුලත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *