ඕස්ටේ‍්‍රලියා අගමැතිට ඡායාරූපයක් නිසා අප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පෙනී සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

එම ඡායාරූපයේ අග‍්‍රාමාත්‍යවරයා සිටින්නේ කුඩා මිනිබිරිය ද සමගිනි.

ඒ අවස්ථාවේ ඔහුගේ එක් අතක බීර වීදුරුවක් තිබීම මෙම මතභේදයට හේතුව වේ.

ඉකුත් සෙනසුරාදා සිඩ්නි ක‍්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ලබාගත් මෙම ඡායාරූපය අග‍්‍රාමාත්‍යවරයා විසින්ම අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

බොහෝ පිරිස් චෝදනා කර තිබුණේ කුඩා දරුවෙකු සමග මත්ද්‍රව්‍ය සහිත ඡායාරූපයක් පළ කිරීම වගකීම් විරහිත ක‍්‍රියාවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + ten =