කුඩා දැරියක් ජනපති තුරුලට දිව එයි

(කොළඹ, ලංකාපුවත්) – කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක ඊයේ(10) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයකදී මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරියක් ” මෛත්‍රී සියා ” යනුවෙන් පවසමින් ජනාධිපති තුමා දෙසට දිවගෙන ආ අතර ජනාධිපතිතුමාගේ තුරුලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරුම ජනාධිපතිතුමා සමග සිටීම විශේෂත්වයක් විය.

මෙය සියලු දෙනාගේ අවධානය දිනා ගත් සුවිශේෂ සිද්ධියකි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙන”වැවක් සමග ගමක්” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව, කවුඩුල්ල, මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි.

කවුඩුල්ල මිරිස්හේන ග්‍රාමීය සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර ලබාදීම, ධීවර ආම්පන්න ප්‍රදානය සහ ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *