ඩීසල්, පෙට්‍රල් – කාර් සහ වෑන් වලට සමුදීමට චීනය සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ වෑන් රථ නිෂ්පාදනය තහනම් කිරීමට චීනය සූදානම් වේ.

පරිසර හිතකාමී විද්‍යුත් මෝටර් රථ ප්‍රවර්ධනය එහි අරමුණය. චීනයේ කර්මාන්ත පිළිබඳ උප අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

කෙසේ නමුත් එම වාහන තහනම් කිරීම පිළිබඳව තවමත් අවසන් එකඟතාවකට එළඹ නොමැත. ලොව විශාලතම කාර් රථ වෙළෙදපොළ ලෙස චීනය සැළකේ.

මිලියන 28ක මෝටර් රථ ප්‍රමාණයක් චීනය ඉකුත් වසරේ දී නිෂ්පාදනය කරනු ලැබේ. එය ගෝලීය වෙළෙදපොළින් හතරෙන් තුනක ප්‍රමාණයකි. චීනය ඩීසල් හා පෙට්‍රල් මෝටර් රථ නිෂ්පාදනය තහනම් කිරීමට සූදානම් වන්නේ, වායු දූෂණය හා කාබන් විමෝචනය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙසය.

ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ද වසර 2040 වන විට ඩීසල් හා පෙට්‍රල් වාහන තහනම් කිරීමේ සැලසුම් මේ වන විටත් නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − seven =