ත‍්‍රස්තවාදයෙන් බැට කෑ පුත්තලමේ ගම්මානයක ජනතාවට අරුණළු

(කොළඹ, ලංකාපුවත්) – ත‍්‍රස්තවාදයෙන් කාලාන්තරයක් බැටකෑමට ලක්වූ හා කිසිවෙකුගේ නිසි අවදානයක් යොමු නොවූ පුත්තලම දිස්ති‍්‍රක්කයේ වනාතවිල්ලූව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පූක්කුලම ගම්මානයට වසර හතලිහකින් පසුව අරුණලූ උදා විය. ඒ එම ගම්මානයේ වැසියන් මුහුණ දී සිටි ගැටළු රැසකට විසඳුම් ලැබීම හේතුවෙනි.

වනාතවිල්ලූව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට හා සිලාවතුරට මායිම්ව පිහිටා ඇති පූක්කුලම ගම්මානයේ ජනතාව වඩාත්ම පීඩාවට පත්වුණේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ මාරාන්තික තර්ජන හේතුවෙනි. එම ගම්මානයේ වෙසෙන දමිළ සහෝදර ජනතාවගේ දෛනික ආදායම් මාර්ගය වන්නේ ධිවර කර්මාන්තයයි. එල්ටීටීඊ තර්ජන හේතුවෙන් එම වැසියන්ට ධිවර කර්මාන්තයේ නිරතවීම පවා මර බිය දනවන කාරණයක් වුවද ඔවුන් සිය ගම්බිම් අතහැර නොයාමට තරම් දෛර්ය සම්පන්න පිරිසක් වූහ.

යුද්ධය නිමා වීමෙන් පසුව සිය ගම්මානයේ දුක්ගැනවිල්ල එවකට පැවැති රජය වෙත හා විවිධ නියෝජිතයින් වෙත ඉදිරිපත් කළද කිසිදු සෙතක් අත් නොවීය. කෙසේ වෙතත් යහපාලන රජයේ වැඩපිළිවෙල යටතේ මෙම ගම්මානය දියුණු කිරීමට සියළු කටයුතු සම්පාදනය විය. එහි නියමුවා ලෙස කි‍්‍රයා කලේ වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතායි. පූක්කුලම ගම්මානයේ ජනතාවට තිබූ මූලිකම ගැටළුව වූයේ ඉඩම් ගැටළුවයි. එය විසඳිමට සූදානම් වෙද්දී රජයේම තවත් ආයතනයකින් ඊට බාධා එල්ල විය. ඒ වනජීවී දෙපාර්තෙම්න්තුවයි. එම දෙපාර්තෙම්න්තුව පෙන්වා දුන්නේ පූක්කුලම ඉඩම් බොහෝමයක් වනජීවී දෙපාර්තෙම්න්තුවට අයත්වන බවයි. එබැවින් ඒවා ජනතාවට සින්නක්කරව නිදහස් කළ නොහැකි බවද එම දෙපාර්තෙම්න්තුව අවධාරණය කර තිබුණි. කෙසේ වෙතත් සාකච්ඡුා මාර්ගයෙන් එම ගැටළුව විසදා ගැනීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සමත් වුණේ පූක්කුලම ජනතාවගේ දුක් කදුළු සතුටු කදුලූ බවට පත් කරමින්.

වසර එකහමාරක කාලයක් තුළ එම ගම්මානයේ පවුල් 50 ක ජනතාවගේ ගැටළු රැුසකට විසදුම් ලබා දීමට ෙම් වන විට සමත් වී තිෙබ්. සංවර්ධනය කරන ලද පූක්කුලම ගම්මානය විවෘත කිරිමල එම ජනතාව වෙනුවෙන් වෙන් වූ ඉඩම් සඳහා ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරිමත් එම ජනතාව වෙනුවෙන් ඉදි වූ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම පසුගියදා (11) සිදු කෙරුණා. එම කටයුතු සිදු කෙරුණේ වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බන්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි. තවත් නිවාස කිහිපයක් ඉදිකිරීම වෙනුවෙන් වැඩ ආරම්භ කළ අතර එම නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය ලබා දෙන්නේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීෙම් අමාත්‍යංශයයි.

අමාත්‍යවරයා කියා සිටියේ ශී‍්‍ර ලංකාෙව් වෙසෙන සෑම කෙනෙක්ටම පොදු අයිතිවාසිකම් භුක්ති විදීමට අයිතියක් ඇති බවයි. එම අයිතිය පූක්කුලෙම් ජනතාවට හිමි විය යුතු බවත් එම අයිතීන් ලබා දීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා. පූක්කුලම ගම්මානෙය් නල ළිං කිහිපයක් ඉදිකිරීමටත්, සමුපකාර ප‍්‍රාදේශිකයක් ඉදිකිරීමටත්, මෙහිදී යෝජනා විය. එමෙන්ම පූක්කුලම විද්‍යාලයේ පවතින ගුරු හිගයට කඩිනම් විසඳුම් අවශ්‍ය බවද ජනතාව පෙන්වා දෙන ලදී. එබැවින් එම විද්‍යාලයට දෙමළ මාධ්‍ය ගුරුවරු කිහිපදෙනෙකු අනියුක්ත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡුුා කරන බවටද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − five =