මී වදයක් බැඳ රට පුරා ගමනේ යන ජීප් රථයක්

(කොළඹ, ලංකාපුවත්) – එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරන ජීප් රථයක පිටුපස මී වදයක් බැඳ තිබෙන අතර එම මීවදයත් සමග ජීප් රථය එළවළු සහ පළතුරු රටපුරා ප්‍රවාහනය කරන තොරතුරක් වාර්තාවේ.

මෙම ජිප් රථය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ද එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරනු ලැබේ.

ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ පදිංචි ලයනල් බණ්ඩාර මහතාගේ ජීප් රථයේ පිටුපස අමතර රෝදය සවිකර ඇති යකඩ බටයේ මෙම මීය බැඳ තිබේ.

ඔහු දඬුවෙල්ලෑ ව නමින් මෙම මී වදය හඳුන්වනු ලැබේ.

මීට මාස තුනකට පෙර නිවසේ නවතා තිබියදී මේ මීය බැඳ තිබූ බවත් එදා සිට මේ දක්වාම මෙම මී මැස්සන්ගෙන් තමන්ටත් තමන්ගෙන් මී මැස්සන්ට අන් කිසිදු හිරිහැරයක් නොවන බවයි ලයනල් බණ්ඩාර මහතා පවසයි.

ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම රථයෙන් එළවළු හා පලතුරු ප්‍රවාහනය කිරීම රැකියාව හැටියට සිදුකරනු ලැබේ.

මෙම මී මැස්සන් තමන්ට අතපත ගෑමට පවා හැකි බවත් ඔහු පවසයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිරන්තරයෙන්ම කලබලකාරී මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානයකි. එහෙත් මෙම වාහනය බැඳ ඇති මී මැස්සන් මේ කිසිදු කලබලකාරී තත්ත්වයකට කලබල නොවී තැන්පත්ව සිටින අයුරු දැක ගැනීමටපිළිවන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =