මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ.

විපතට පත්වූ දහස් සංඛ්‍යාත පිරිස් වෙත කඩිනමින් සහන සැපයීමට බලධාරීන් ක්‍රියා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දකුණු දිග මෙක්සිකෝවේ චිපාස් වෙරළට ඔබ්බෙන් රිච්ටර් පරිමාණයේ ඒකක අටයි දශම දෙකක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හට ගත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ දී ය.

දහස් ගණනක පිරිසක් මරණයට පත් කරමින් මෙක්සිකෝ නගරයේ 1985 වසරේ හටගත් භූ කම්පනයට වඩා මේ භූකම්පනය ප්‍රබලත්වයෙන් වැඩි අගයක් ගනු ලැබේ. භූ කම්පනය හේතුවෙන් නිවාස ඇතුළු දේපල රැසක් දැඩි හානියට පත්ව තිබේ.

විපතට පත් දහස් සංඛ්‍යාත පිරිසක් තාවකාලික කඳවුරුවල රැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට මෙක්සිකෝ බලධාරීන් ක්‍රියා කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *