ලබන 14වනදා තෙක් වැසි තත්ත්වයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අද (11) සිට ලබන 14 වැනි දින දක්වා වැසි තත්වයේ තාවකාලික වැඩිවිමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ. බස්නාහිර, සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේ දී වැසි ඇතිවිය හැකිය. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 75කට වැඩි වර්ෂා පතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 5 සඳහා නායයෑම් අනතුරු නිවේදනයක් නිකුත් කර තිබේ. එය, ඉදිරි පැය 24 සඳහා වලංගුය. ගතවූ පැය 72 තුළ වර්ෂාපතනය මිලි මීටර 250 ඉක්මවා ඇත.

ගංවතුර තත්වයක් ඇති වුවහොත් භාවිත කිරීම සඳහා ජලයේ ගමන් කළ හැකි යුද ටැංකි 15ක්, රන්තපුර, ගාල්ල, බූස්ස, කළුතර සහ හොරණ, දොඹගොඩ යන ප්‍රදේශවල ස්ථානගත කර තිබේ.

හදිසි ආපදා තත්වයක් ඇති වුවහොත් ත්‍රිවිධ හමුදාව ඒ සඳහා සූදානම් කර ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *