ලලිත් සහ අනුෂගේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව ඔවුන්ගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අද (11) පෙත්සමක් ගොනු කර ඇත.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණය පසුගිය 07 වනදා බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වියදම් කර සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *