ඉදිරි අයවැයේ සහන තුළින් ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි අයවැයෙන් ලබා දෙන සහන තුළින් ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂාව බව මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර ප්‍රදේශයේ සමෘද්ධිලාභීන්ට උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත කුඩා ව්‍යවසායකයින් සදහා රුපියල් ලක්ෂ 24ක උපකරණ ප්‍රදානය සිදු කෙරුණි. ඒ මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.

සමෘද්ධි ලාභීන් 23 දෙනෙකුට මෙහිදී මහන මැෂින්, අධි ශීතකරණ, රූපලාවන්‍ය උපකරණ සහ කම්ප්‍රෙෂර් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =