වසර 46 ක් මව් කුසේ සිටි දරු ගැබක් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ලොවම මවිත කරවූ මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවු අමුතුම සිදුවීමක් පිළිබඳව මොරොක්කෝවෙන් වාර්තා වේ.

ඒ අවුරුදු 75 ක් වයසැති කාන්තාවකගේ උදරයේ කළ සැත්කමකින් ගල්වී තිබූ මල දරු ගැබක් පිටතට ගැනීමේ සිද්ධියකි.

පසුව කරන ලද පරික්ෂණය මගින් හෙලවි ඇත්තේ සැත්කමින් පිටතට ගෙන ඇත්තේ එම කාන්තවගේම දරුවා බවය. වසර 46 කට පෙර එම කාන්තාව ගැබගැනීමට ලක්ව ඇතිවි ඇති බවත් පරික්ෂණයෙන් ප්‍රකාශ වී ඇත.

එම කාලයේදී ඇය ගැබ්ගත් බව දැන සිට තිබේ.

දරුවා පිළිසිඳ ගැනීමෙන් මාස කිහිපයක් පසු උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතවී ඇති අතර එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ දරුවා සැත්කමකින් ඉවත් කළ බවය. පසුව කල්ගතවීමත් සමඟ එය කාන්තාවට එය අමතකව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම කාන්තාවට වයස අවුරුදු 75 ක් වූ පසුව නැවතත් දරුණු උදරයේ ආබාධයක් ඇතිවු බවත් වාර්තා වේ. ඒ අනුව ඇයව නැවත රෝහල් ගත කර ඇති අතර පසුව වෛද්‍යවරුන් මෙම සැත්කම සිදුකර තිබේ. එම සැත්කමේදි කාන්තාවගේ උදරයේ ගල්වී තිබූ බිලිඳු මළසිරුර පිටතට ගැණුනි.

එම සැත්කමට පැය 04 ක් පමණ ගතවි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *