සෙවිලි උළු අලෙවි කර ගැනීමේ දුෂ්කරතාව ජනපතිට කියයි

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ ඊයේ(11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී තම වෘත්තීන්ට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.

ආදේශක බහුලවීමත් සමග සෙවිලි උළු අලෙවි කරගත නොහැකි වීමෙන් තමන් විඳින දුෂ්කරතා පිළිබඳ සෙවිලි උළු නිෂ්පාදකයින් මෙහිදී ජනාධිපතිතුමා දැනුම්වත් කළ අතර, මැටි ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

සමස්ත ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝද මෙහිදී විදේශීය නිෂ්පාදන ඇසුරින් තම කර්මාන්තය මුහුණදෙන ගැටලු ඉදිරිපත් කළහ.

මෙම ගැටලු සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම ද මෙහිදී සිදුවිය.

රාජ්‍ය ඇමති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දු මහතා ද අදාළ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් ද සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ ද මේ සාකච්ඡාවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *