චතුරිකා ‘ජනාධිපති තාත්තා’ ගැන ලියයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන ගමන්මඟ පිළිබඳව දියණිය වශයෙන් තමන්ට දැනුනු ආකාරය පිළිබඳව සංවේදීව සටහන් කරමින් ජනාධිපතිතුමන්ගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කරන ලද “ජනාධිපති තාත්තා” කෘතිය මේ මස 15 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කිරීමට නියමිතය.

ලෝකයේ රාජ්‍ය නායකයින් පිළිබඳව එම නායකයින්ගේ දරුවන් ලියූ පොතපත ඉතා විරල වන අතර විධායක ජනාධිපතිවරයෙකු සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ මෙවැනි ලෙස ලියැවුණු පළමු කෘතිය මෙය වේ.

ජනවාරි 08 සමාජ විප්ලවය සඳහා සිය පියාට ශක්තියක් වූ චතුරිකා ඉන් පසුවද සිය පියාගේ යහපාලන රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය අරුත් ගැන්වීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් චරිතයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *