නව ආයෝජන සඳහා ඉහළ පහසුකම් දෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – දේශීය ව්‍යවසායකත්ව ශක්තිය හඳුනා ගනිමින් නව ආයෝජන සඳහා ඉහළ පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඍජු විදේශ ආයෝජනවලට දිරි දීම, GSP සහනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම, නව ව්‍යාපාරික නීති හඳුන්වා දීම යනාදී කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය විසින් කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (11) දින සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සමුළුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාගීවෙමින් මේ බව කියා සිටියේය.

වෙනස් වන ව්‍යාපාරික පරිසරය සමඟ ඉදිරිය කෙසේද යන්න මෙවර සිමා ව්‍යාපාරික සමුළුවේ තේමාව වේ. ව්‍යාපාරික නවෝත්පාදනයේ පුළුල් සංකල්ප පිළිබඳව මෙවර සාකච්ඡා කෙරුණි. එමෙන්ම ඩිජිටල් ව්‍යාපාරි ආකෘති අනුගමනය කිරීම මගින් ව්‍යාපාරවල වටිනාකම ඉහළ නංවාගන්නේ කෙසේද, දේශගුණික විපර්යාස සමඟ ගෝලීය හා දේශීය වශයෙන් බලපාන ගැටලුවලට පිළියම් ලබාදීම මෙම සමුළුවේ අරමුණු වේ.

දෙස් විදෙස් ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුව සදහා එක්ව සිටියහ.

“අපි දැන් උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ හැකියාවන්ට ඉඩකඩ ලබාදෙන්නයි. ඍජු විදේශ ආයෝජන සඳහා දිරිගැන්වීම් සිදුකරන්නේ කොහොමද සහ GSP සහනයත් සමඟ භාණ්ඩ වැඩි සංඛ අපනයනය කරන්නේ කොහොමද යන කරුණු සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. අනාගතය පදනම් වන්නේ තාක්ෂාණය සහ නව සොයා ගැනීම් මතයි. අපිත් ඒ සඳහා සූදානම් විය යුතුයි. එවිට ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ නව වර්ධන කේන්ද්‍රස්ථානයක් වේවි.” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *