නාඋල පොලිසියේ මඩු ගසේ ගෙඩි හැදිලා

(කොළඹ, ලංකාපුවත්) – කලකට පසු නාඋල පොලිසියේ පිහිටි ඉපැරණි මඩු ගසක එල හටගත් අපුරු දසුනක් මේ දිනවල දක්නට ලැබේ.

පොලිස්ථානයට ඇතුළුවන විටම දැකගත හැකි මෙම මඩු ශාකයේ විශාල වශයෙන් එල දරා ඇත.

කලකට පෙර ගැමියන් සිය ආහාර සදහා මඩු ශාකය භාවිතයට ගන්නා ලදී.

මඩු ශාකය විශේෂයෙන් ලග්ගල ජනයා අතර ජනප්‍රිය මඩු පිට්ටු සැකසීම සදහාත්, අතු විවිධ සැරසිළි සදහාත් යොදා ගනිති.

මඩු ශාකය වඩා උස්ව සෑදෙන අතර නාඋල පොලිසියේ මෙම මඩු ශාකය ඉතා කුරුවට වැඩි ඇති අතර ගෙඩි ද අසාමාන්‍යය ලෙස විශාල වශයෙන් දක්නට ලැබේ.

මේ අපූරු මඩු ශාකය අප කැමරා කාචයට හසුවූයේ මෙලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *