බුලත් විට විකුණමින් සිදුකරන ලද ජාවාරමක්

(කොළඹ, ලංකාපුවත්) – බොරැල්ල පොලිස්ථානයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී සර්පන්ටයින් මාවතේ පදිංචි කාන්තාවක් සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 170ක් ඊයේ (11) සොයාගෙන ඇත.

මෙම සැකකාරිය කාලයක සිට මෙම ජාවාරම සිදුකරමින් සිට ඇති බවත් මැය විසින් බුලත්විට විකිණීමේ කටයුතුවල නියලැමින් සිටිමින් මෙම මත්කුඩු විකිණීම සිදුකර ඇති බවට වැඩිදුරටත් සිදුකරන ලද පරික්ෂණවලදි අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් තිස්දහසක් පමණ වේ.

මෙම සැකකාරිය අද (12) මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බොරැල්ල පොලිස්ථානයේ දුෂණ මර්ධන අංශය මගින් සිදුකරනු ලැබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *