ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළ මාරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

බෝම්බය පුපුරා යන අවස්ථාවේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙමින් තිබුණු අතර එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ්, අෂාන් ප්‍රියංජන සහ තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි සහභාගී වී ඇත.

කෙසේ නමුත් බෝම්බය පුපුරායන අවස්ථාවේ ඔවුන් ක්‍රීඩාංගනයේ නොසිටි බව වාර්තා වේ.

මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තර කර ඇති බව ඔවුන් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − eleven =