ඉර්මා වලින් පසු අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවලට විදුලි ඇණහිටී

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට බලපා ඇති ඉර්මා චණ්ඩ මාරුතයෙන් පසු එරට බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇණහිට ඇත. මේ තත්ත්වය මත රෝහලක පුද්ගලයන් 08දෙනෙකු මියගිය පුවතක් ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

පසුගිය දින කිහිපයේ ඉර්මා චණ්ඩමාරුතය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල විය.

මේ වන විටත් ෆ්ලොරීඩා, ජෝර්ජියා හා කැරොලිනා ප්‍රාන්තවල පුද්ගලයන් මිලියන 10ක් පමණ විදුලි බලය නොමැතිකමින් පීඩා විඳියි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක විදුලිය ඇණහිටීමෙන් ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑම් එල්ලවිය. ඒ හේතුවෙන් පුද්ගලයන් 08දෙනෙකු මියගොස් ඇත.

මෙම චණ්ඩ මාරුතයෙන් පීඩා විඳි 115 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =