ආසියානු ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රි ලංකාවෙන් කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රි ලංකාවෙන් කණ්ඩායමක් එක්වන බව ජාතික ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා සංගමය සදහන් කරයි.

ලබන 23වනදා චීනයේ දී ආසියානු ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලිය ආරම්භවීමට නියමිතය.

ඊට ජපානය, චීනය , ඉන්දියාව ඇතුළු රටවල් විසිහයක් එක්වනු ඇති. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහස් පන්සිය දෙනෙකු එහිදී තරග වැදීමට නියමිතව ඇත.

තරගාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසිය පනහකට අධික පිරිසක් සහභාගී වේ.

තරගාවලිය සංවිධාන කරන්නේ ආසියානු ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා සංගමය වේ.

තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව කොළඹ දී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *