තිසරගේ දැඩි ප්‍රහාරයට ලක්වූ පකිස්තානය

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තාන කණ්ඩායම සමග ඊයේ(13) පැවති දෙවන පන්දුවාර 20 තරඟයෙන් කඩුළු 07ක පහසු ජයක් ලබා ගැනීමට ලෝක කණ්ඩායම සමත් වය. ඒ තරඟයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ය.

කාසියේ වාසිය දිනූ පකිස්ථාන පිළ පලමුවෙන් පන්දුවට පහරදී කඩුළු 6කට ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය. එහිදී බාබර් අසාම් ලකුණු 45ක් හා අහමඩ් ශෙෂාඩ් ලකුණු 43ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී සැමුවෙල් බද්රී හා තිසර පෙරේරා කඩුළු 2ක බැගින් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

හෂිම් අම්ලා නොදැවී ලකුණු 72ක් හා තිසර පෙරේරා හයේ පහරවල් 5ක් සමගින් පන්දු 19කදී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුනි.

තරඟයේ වීරයා බවට පත්වුයේ තිසර පෙරේරා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *