බස්නාහිර පළාත් සභාවේ තිදෙනෙක් තනතුරු වලින් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාත් ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් අදාළ තනතුරුවලින් ඉවත් කර ඇත.

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධව බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීමේදී ඊට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉහත පිරිස අදාළ තනතුරු වලින් ඉවත් කර තිබේ.

ඒ අනුව පුරප්පාඩු වූ සභානායක ධුරය සදහා හෙක්‌ටර් බෙත්මගේ සහ ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි යන මහත්වරුන් පත්කර ඇත.

බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති ධුරයට පසුව මන්ත්‍රීවරයකු පත්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *