ලෝක සංචාරක සමුලුවේ උප සභාපති තනතුර ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ පැවැත්වෙන ලෝක සංචාරක සමුලුවේ උප සභාපති ධූරය සදහා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තේරී පත්වී ඇත.

අමාත්‍යවරයා හට ආසියානු කලාපය නියෝජනය කරමින් උප සභාපති ධූරය හිමිවී ඇති අතර මෙම සමුලුව චීනයේ චෙන්ඩු නුවර මේවන විට පැවැත්වේ.

රටවල් 130ක් නියෝජනය කරමින් නියෝජිතයන් 1300ක් සමුලුවට සහභාගී වී සිටියි.

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂ ගෞරවයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *