ළමා අපයෝජන වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ ජනතාවට ළමා ආරක්ෂාව පිළිබඳ මතය රැගෙන යාම සඳහා ද “බින්දු, රාණිට යාළුවෙක්” වීදි නාට්‍යය සකසා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරයි.

මෙමඟින් සිදුවන්නේ නීතිය නීති පොතට පමණක් සීමා නොවී ඒ පිළිබඳව ජනතාවට අවබෝධය ලබා දීමයි.

සාම්ප්‍රදායික දේශන කලාවෙන් මිදී ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳව මෙම නාට්‍ය තුළින් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරයි. එමෙන්ම අපයෝජනයක් පිළිබඳව දැනුම් දියයුතු අංශ පිළිබඳව ද මෙහි අන්තර්ගතය.

මේ වනවිට යාපනය, වව්නියාව, කිළිනොච්චිය, අනුරාධපුරය, මහනුවර හා කොළඹ යන දිස්ත්‍රික්කයන්හි මෙම නාට්‍ය ප්‍රදර්ශනය කර ඇත. ඉදිරියේ දී දිවයින පුරාම ප්‍රදර්ශනය කරමින් ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සමාජගත කිරීම අපේක්ෂාව වේ. ‍

“බින්දු, රාණිට යාළුවෙක්” ළමා ආරක්ෂාව පිළිබඳ වීදි නාට්‍ය අධිකාරියේ සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියගේ සංකල්පයක් වන අතර, මේ වන විට ඒ පිළිබඳව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ග්‍රන්ථ තුනක් ද ප්‍රකාශයට පත් කර ඇත.

තොරතුරු සමාජගත කළ හැකි ප්‍රමුඛතම මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාව හඳුනා ගැනේ. ඒ අතරින් වීදි නාට්‍ය ප්‍රමුඛ වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *