කොළඹ පොත් වසන්තය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –2017 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

අද(15) සිට ලබන 24 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ප්‍රදර්ශනය සංවිධාන කරනු ලැබේ.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ප්‍රකාශන ආයතන රැසක් මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ‘පොත් ඔබේ ජීවිතය දෙගුණයක් කරයි’ යන තේමාව ඔස්සේ ය.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අතිවිශාල ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහෙත් ප්‍රදර්ශන භූමිය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණ වේ. සිලි සිලි අතහැර විඳගමු පරිසර සිරිසර මැයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමට දායක වන ලෙස පොත් ප්‍රදර්ශකයින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *