ජපානයේ – ටෝයෝටා, හොන්ඩා ශ්‍රි ලංකාවට ගේන කර්මාන්ත ගැන ඇමති සුජීව කියයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියි.

කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ අක්කර 20000ක් එම කර්මාන්ත සඳහා සංවර්ධනය කරමින් පවතින බවද ඔහු පැවසීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති ජනාධිපති අපනයන සම්මාන 2016 උත්සවයේ දී සුජීව සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා – “අපි අක්කර 20000ක් පමණ දියුණු කිරීම තුළින් අපනයන දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය ඇඟඵම් මෙන්ම තාක්ෂණික භාන්ඩ නිෂ්පාදන මෙම කාර්මාන්ත කලාපය තුළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

“ කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ හඳුනාගත් අක්කර දහසකින් අක්කර 400 ක් දියුණු කරමින් පවතිනවා. සාමාන්‍ය ක්‍රියා වලියේදි අවුරුදු ගණනාවක් යන මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ලබන අවුරුද්දේ දෙසැම්බර් වනවිට මේ වෙළෙඳ කලාපයේ වැඩ අවසන් කිරිමයි අපේ බලාපොරොත්තුව. ජපානයේ කර්මාන්ත සියයක් පමණ මෙම වෙළෙඳ කලාපය පිහිටුවිමට අවස්ථාව පවතිනවා. මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල ප‍්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.

අපි ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුමෙන් වාහන අලෙවි කිරීමේ අවස්ථාව දෙනවා. ඒ වගේම අනිකුත් අපි අස්සන් කරන ගිවිසුම් වලින් චීනය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල්වලින් අපට බිලියන හතරහමාරක පමණර වෙළෙඳමක් අත් වනවා.

අපි ලබා ඇති උපරිම ජයග්‍රාහනය සහ ආයෝජන ආකාර්ෂණ වාසිය වන්නේ ජී එස් පී සහන ලබා ගැනිම බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *