වයස්ගතම යෝධ පැන්ඩා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව වයස්ගතම යෝධ පැන්ඩා මරණයට පත් වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.

චීනයේ අග්නිදිග කලාපයේ ෆූජෝ ප්‍රාන්තයේ ජීවත් වූ ‘බාසි’ නම් වූ මෙම යෝධ පැන්ඩා මිය යන විට 37 හැවිරිදි වියේ පසු විය.

තම පරම්පරාවේ අන් සියලු පැන්ඩාවන්ට වඩා වැඩි කලක් ජීවත් වූ බාසිගේ 37 වසරක ආයු කාලය මිනිස් ආයුෂ සමඟ සංසන්දනය කළහොත් ඇය වසර සියය ඉක්මවූ තැනැත්තියකට සම කළ හැකි බව සදහන් ය.

ඇය ‘බාසි’ නමින් හදුන්වන්නේ චීනයේ බාසි මිටියාවතේ සිටිය දී මුදවා ගැනීම හේතුවෙනි.

එහිදී ඇය මුදවා ගැනීමේදී වයස අවුරුදු හතරක පැන්ඩා පැටවෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *