විශ්‍රාම ගත් ලං.වි.ම සේවකයින් සේවයට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය යළි සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 2014.09.01 දිනට පසුව විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් මෙලෙස කැඳවීමට බලාපොරොත්තු වේ.

තමන්ගේ සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට කැමති නම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉහත කාණ්ඩවල සේවකයින්ට තමන් අවසන් වරට සේවය කළ රාජකාරී ස්ථානයට සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *