ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනයක් – යුරෝපා සංගමය කියයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ මේවන විට මානව හිමිකම්, පරිසර සහ කම්කරු ප්‍රමිති සහ තත්ත්වලින් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව යුරෝපා සංගමය සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද නිරීක්ෂණය කිරීම සදහා මෙරටට පැමිණි යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම සිය දස දින සංචාරය අවසානයේදී නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27ට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිත පිරිස මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමු කළහ.

එම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳපොළට ප්‍රවේශවීම සඳහා සලකා බැලෙන කොන්දේසිය වේ. ශ්‍රී ලංකාව පෙන්වන ලද ප්‍රගතිය හේතුවෙන් පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමයට ඉඩ ලැබුණු අතර මේ වසරේ මැයි මාසයේදී ජී එස් පී ප්ලස් තීර්බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවිය.

යුරෝපා සංගම් වෙළෙඳපොළ ලොව විශාලතම වෙළෙඳපොළවල් අතරින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *