ජනපති අමෙරිකාව බලා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(17) පෙරවරුවේ අමෙරිකාව බලා පිටත්ව ගියේය.

ඊයේ පෙ.ව 10.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපතිතුමා ඇතුළු ඳූත පිරිස අමෙරිකාව බලා පිටත්ව ගියහ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සැප්තැම්බර් මස 19 වනදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේදි ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙය වේ.

එමෙන්ම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ද ජනාධිපතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =