මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට උත්සාහ ගැනීම කණගාටුයි – ඇමති කිරිඇල්ල

(කොළඹ, ලංකාපුවත්) – ඇතැම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සාහය පිළිබඳ කණගාටුවන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම කඩාකප්පල්කාරී වැඩපිළිවෙල මුළුමණින්ම ඊර්ෂ්‍යාවක් මත පදනම් වූ දෙයක් බව ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයත්, මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධාන කරන මාර්ග සති 09වන අදියර – පාතදුම්බර පුබුදුව වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට පපසුගියදා එක් වෙමිනි.

පන්විල සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් සැප්තැම්බර් 21වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 193ක් ක්‍රියාත්මක ය. ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහසක මුදලක් වෙන්කර තිබේ. ඊට සමගාමීව සුභසාධක ව්‍යාපෘති රැසක් ද මෙම සතිය තුළ සිදු කිරීමට නියමිතය.

ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් මෙසේ ද පැවසීය.

“එක්තරා මාධ්‍යයක් අහනවා මේ කොළඹ – නුවර අධිවේගී මාර්ගය හදන්නේ මොකටද කියලා. මේවගේ සිල්ලර කතාවලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ. මෙහෙම මාධ්‍යවිලින්මේ ව්‍යාපෘතිය සදහා පහර ගහන කොට මුදල් වියදම් කරන්න එව ආයෝජකයෝ බය වෙනවා. මම මේ අයට කියනවා මහනුවර අධිවේගී මාර්ගය කියන්නේ එසේ මෙසේ මාර්ගයක් නොවෙයි. ශ්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එන මාර්ගයක්. එහෙම මාර්ගයක ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට උත්සාහ ගැනීම පාප කර්මයක්. ”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *