මධ්‍යම පළාතේ කුඩා දරුවෝ සියයට 95ක් පිටි ආශ්‍රිත කෙටි කෑම වලට හුරුවෙලා

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම පළාතේ කුඩා දරුවන්ගෙන් සීයයට 95ක් පමණ පිටි ආශ්‍රිත කෙටි කෑම වලට හුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විශේෂයෙන් පාසල් දරුවන් උදෑසන කාලයේ දී පිටි ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන් ලබාගන්නා බවත්, ඒ තුළින් දරුවන්ගේ පෝෂණ අව්‍යතාවන් ගිලිහි යන බව ද ඔවුහු පෙන්වා දෙති.

පිටි ආශ්‍රිත නිෂ්පාදන අතර කෙටි කෑම වර්ග හා බදින ලද කෑම වර්ග දරුවන් නිතර ආහාරයට ගැනීම හේතුවෙන් අධික තරබාරුව,ශරීරයේ සිනි මට්ටම ඉහල යෑම ආදි අතුරු ආබාධ රැසක් හටගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරු පවසති.

දිස්ත්‍රික්ක රැසක පාසල් දරුවන් අතර ආහාර රටාව පිළිබද සිදුකරන ලද සමික්ෂණ මගින් මෙම තොරතුැ අනාවරණ වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

වැඩෙන වයසේ දරුවන් සදහා පෝෂදායි ආහාර රටාවක් පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවත් ඒ සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශාල වගකීමක් පවතින බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සිදුකරන ලද සමීක්ෂණයට අනුව පාසල් කලය තුළ ද ඉන් පරිභාහිරව ද දරුවන් පැණිරස ආහාර ද(ටොෆි හා චොකලට්) වැඩිවශයෙන් ආහාරයට ගන්නා බව හෙළිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *