හොද රියදුරන් සොයා මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – නීතිගරුකව හා විනයගරුකව රිය පදවන රියැදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(18) සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

එසේ හඳුනා ගන්නා රියැදුරන්ට ප්‍රශංසනාත්මක ස්ටිකරයක් මෙන්ම ත්‍යාග වවුචරයක් පිරිනැමේ. මීට පෙර මෙම වැඩසටහන මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අතර එහිදී විනයගරුක රියැදුරන් 300කට ත්‍යාග පිරිනැමුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *