ටාලිම් සුළිකුණාටුවත් සමග ජපානයට නායයාමේ තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයට බලපා ඇති ටාලිම් සුළිකුණාටුවත් සමග එරට නායයාමේ තත්ත්වයක් ද ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශවලට මේ වන විටත් තද වැසි ඇද හැලෙමින් පවතී. ප්‍රදේශ රැසක නාය යාම් ද සිදුව තිබේ.

පුද්ගලියන් දෙලක්ෂ තිස් දහසකට පමණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙස බලධාරීන් දැනුම් දී ඇත. නිවාස එක්දහස් පන්සීයක පමණ ජනතාව විදුලි බලය නොමැති කමින් පීඩා විදින බව වාර්තා වේ.

ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපා ඇති සුළිකුණාටුව බටහිර ප්‍රදේශයට ද පැතිර යා හැකි බවට අනතුරු අගවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *