දෙසැම්බරයේ මොරගහකන්දේ වැඩ අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ලබන දෙසැම්බර් මාසය වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කල හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා පවසයි.

මේ වන විට සුළු වැඩකොටස් පමණක් ඉතිරිව ඇති බව ද ඒ මහතා සදහන් කළේය.

කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යපාතිය වන මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 1205.5(රුපියල් කෝටි 18100) පමණ වැය කර තිබේ.

ඒ අතරින් මේ වසර අවසානයේ වැඩ අවසන් වන මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 557.5 මුදලක් වෙන්කර ඇත.

ජලාශයේ ජලය ගෙනයාමට ඉදිකෙරෙන ඉහල ඇලහැර ව්‍යාපෘතිය යටතේ මොරගහකන්දේ සිට මහකනදරාව දක්වා ඇල ඉදිකිරීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැයකිරීමට නියමිතය.

මීට අමතරව වයඹ සංවර්ධන ඇල සදහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වැය කෙරෙන බව පි.ජී.දයානන්ද මහතා සඳහන් කළේය.

වැඩ අවසන් අදියරේ පවතින මොරහකන්ද වාරි ව්‍යාපෘතිය දැකගැනීම සදහා මෙරට මහජනතාවට අවස්ථාව පවතින බව ද හෙතෙම වැඩිදුටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *