බහරේනය සමඟ ද්විපාර්ශික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) –මැදපෙරදිග රටවල සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය බහරේන් කර්මාන්ත වාණිජ හා සංචාරක අමාත්‍ය Zayed Bin Rashid Alzayaniමහතා හමු වී දෙරටට වැදගත් වන ක්ෂේත‍්‍ර සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි.

ශ‍්‍රී ලාංකිකයින් සඳහා බහරේන්හි කර්මාන්ත අංශයන්හි රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පුහුණු ශ‍්‍රමිකයින් යොමු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත් එම සාකච්ඡාවේදී එකඟ විය.

බහරේනය සහ ශ‍්‍රී ලංකාව අතර සංචාරක ක්ෂේත‍්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ නව රජයෙන් ඇති කිරිමට අවශ්‍ය කරන පසුබිම ඇති වී තිබෙන බව සඳහන් අමාත්‍යවරිය ඒ සඳහා දෙරටේම නියෝජිතයින් සහයෝගය පල කිරීම ද මෙහිදී සාකච්ඡා වූ විශේෂ කරුණු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *