මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවලට එකම වර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) – මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහාම වෙන්වු වර්ණයක් කඩිනමින් හදුන්වාදීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කොට ඇත.
එසේ කිරීමෙන් කුලී ගමනක් යන්නකුට හා වෙනත් ‍ ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් කුලී ත්‍රීරෝද රථ හදුනා ගැණිමට පහසුවන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

මේවන විට මගී ප්‍රවාහන රථවලට යොදන වර්ණය පිළිබදව සාකච්ජා කරමින් පවතින අතර වර්ණය තීරණය කල විගස එය මගී ප්‍රවාහන රථවලට යෙදවීමට කටයුතු කෙරේ. මීට අමතරව වර්ණවත් කල ත්‍රීරෝද රථ වලට ලාංජනයක් ද යොදවනු ඇත.

දැනට ලංකාවේ ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමානයක් ත්‍රීරෝද රථ ලියාපිදිංචි වී තිබෙන අතර එයින් නම ලක්ෂයක් මගී ප්‍රවාහනය සදහා යොදවා තිබේ.

මෙහිදී මගී ප්‍රවාහන කරන ත්‍රීරෝද රථ වර්ණවත් කොට සීල් එකක්ද යෙදුවත් අදාල ත්‍රීරෝද රථයෙන් මගීන් රැගෙන යනවිට තමන් සතුව මගී ප්‍රවාහනය සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මගින් නිකුත් කරන සහතික පතද තිබිය යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *