රැකියා 200කට ශ්‍රී ලංකා – තායිවාන ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා තායිලන්ත රාජධානියේ කෘෂිකර්මය හා කෘෂිකාර්මික සමූපකාර සඳහා වන බැංකුව අතර සහයෝගිතා ගිවීසුමක් සඳහා අත්සන් තැබීම පසුගියදා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදුවිය.

මෙම අවබෝධතා ගිවිසුම මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රවර්ධනය, නව අත්දැකීම්, නව දැනුම් හා ක්ෂේත්‍රයේ නිලධාරින්, තාක්‍ෂණ ප්‍රවීනයන් හුවමාරුව ඇතිකර දැනුම පුළුල් පරාසයක් කරා ගෙනයාමටත්, ශ්‍රී ලංකාව තුළ වසර 2020 වනවිට නව රැකියා අවස්ථා 2000ක් ඇතිකිරීම අපේක්ෂා කෙරේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි හා තායිලන්ත කෘෂි බැංකුවේ සභාපති අපිරොම් සුක්ප්‍රසේත් අවබෝධතා ගිවීසුම සඳහා අත්සන් කළ අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මැතිතුමන් හා තායිලන්ත තානාපතිනි චූලාමනී චාට්සුවාන් මැතිනිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගිවිය.

අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවට සහ භාගි වූවන් අමතා කතා කළ ප්‍රාථමික කර්මාන්ත ඇමති දය ගමගේ මහතා, දෙරටේම කෘෂි ආර්ථිකයේ ප්‍රවර්ධනය සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම අතිශය වැදගත් මෙහෙවරක් ඉටුකරන බව සඳහන් කළේ ය.

“ මගේ අමාත්‍යාංශයේ ඒකායන අපේක්ෂාව කෘෂි බෝග නිෂ්පාදන වසර 2020 වනවිට දෙගුණයක් කරගැනීම බව කියාසිටියේ ය. “මේක ඒ තරම් සුකර කටයුත්තක් නෙවේ කියල ඇතැම් ය කීවත් මගේ දැඩි අධිෂ්ඨානය මගේ අරමුණ ඒ අභියෝගය ජයගැනීම, වසර පහෙන් පහට අපනයන වර්ධනයෙන් අපේ විදේශ විනිමය සංචිතය වැඩිකර ගැනීම බව ද කියා සිටියේ ය.

දෙරටේ පවතින දැඩි මිත්‍රත්වය හා ඓතිහාසික සබඳතා මතුකරමින් කතාකළ ශ්‍රී ලංකාවේ සිටින තායිලන්ත තානාපතිනි චූලාමණි චාට්සුවාන් මැතිනිය කියාසිටියේ අත්සන් කරන ලද අවබෝධතා දෙරටේ දැනහැඳුම්කම් වර්ධනය කර තවත් දිසනිතියකට ගෙනයන බවය.

“ගිවීසුම අත්සන් කිරීමට ලැබීම ගැන මම හෘදයාංගමව සතුටුවෙමි. එය සාත සාර්ථකව ඉදිරියට ගෙනයාමටත්, ඉන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ශය ලබාදීමට හා එමගින් දෙරටට විපුල ප්‍රයෝජන අත්වේවා කියා මා පතනවා”, ඇය සදහන් කළාය.

කෘෂි හා කෘෂිකර්ම සමූපකාර බැංකුවේ සභාපති අකිරොම් සුක්ප්‍රසාත් මහතා , ඉතිහාසගත වැදගත්කමක් හිමි අවබෝධතා ගිවිසුමට, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයත් සමග අත්සන් කිරීමට ලැබීම් ගැන සතුටුවන බව කියාසිටියේය.

අපේ රාජධානියේ ප්‍රතිප්ත්තිය අපේ දේශීය ආරතිකය ඞාඅ සිටුවීමය. ඒ මගින් අපේ ගොවියන්ට යහපත් හෙටක් උදාකිරීමය. අපේ රටවල් දෙක අතර තිබෙන බංදීම ගැන ද සතුටුවන්නේමැයි, ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

උදාන පොන්සේකා හා හාන්සි ජයසුන්දර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ වැඩ සටහන මෙහෙයවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *