අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකථනවල දත්ත නැහැ

(කොළඹ, ලංකාපුවත්) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසම වෙත බාර දී තිබූ ජංගම දුරකථන දෙකෙහි දත්ත රැසක් නොමැති බව බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

පසුගිය දා ඒ මහතා විසින් එම දුරකථනයන් කොමිසම හමුවේ බාර දුන් අතර එහි මාස 11ක පමණ කාලයක දත්ත නොමැති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු පැහැදිලි කිරීමක්ද කොමිසම විසින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − three =