ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා තරගාවලිය- ගයන්තිකා මීටර 800 කාන්තා අවසන් තරගයට

(කොළඹ, ලංකාපුවත්) –තුර්ක්මිනිස්ථානයේ පැවැත්වෙන පස්වන ආසියානු ගෘහස්ථ සහ සටන් කළා ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ඉඳුනිල් හේරත් සහ ගයන්තිකා අබේරත්න සිය ඉසව් වලින් ඉදිරියට පැමිණීමට සමත්විය.

ඉඳුනිල් හේරත් පිරිමි මීටර් 800 ඉසව්වේ මුලික තරග ඉසව්වන්ට සහභාගිවීමෙන් ජයග්‍රහණය ලැබූ අතර ගයන්තිකා අබේරත්නද කාන්තා මීටර 800 ඉසව්වේ මුලික තරග වලදී ජය වාර්තා කළාය.

ඊයේ(18) පැවති එම ඉසව් වලදී ඉඳුනිල් හේරත් ප්‍රථමයා ලෙසින් මුලික තරගය නිමා කළේ විනාඩි 1 තත්පර 53.78ක් කාලයක් සටහන් කරමිනි. එය නව ශ්‍රී ලංකා ගෘහස්ත මලල ක්‍රීඩා තරග වාර්තාවක් ලෙස ඉතිහාසයට එක්වීමද විශේෂ වේ. එම දක්ෂතාවය ඔහුට අවසන් පුරවා වටයට සුදුසුකම් ලැබීමට ප්‍රමනාවත්වූ අතර එම තරගය අද (19) සවස ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.15 ට පැවැත්වේ.

අවසන් තරගය සඳහා පිවිසීමේ වැඩි ඉඩකඩක් ඉදුනිල් සතුව පවති. එසේ වුවහොත් ඔහුට බදාදා (20) අවසන් තරගයේදී තරග වැදීමට නියමිතය.

ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා තරග ඉසව්වේ සිය මුලික තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබගත් අතර ඒ සඳහා ඇය විනාඩි 2 තත්පර 17.39ක් ගත කළාය. මුලික වටයේ තරග දෙකක් පමණක් පැවතීම හේතුවෙන් ඇය සහභාගිවූ තරගය අවසන් පුර්ව තරයක් ලෙසින් පැවති අතර ඒ හේතුවෙන් ගයන්තිකා බදාදා (20) සවස ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.25 ට පැවැත්වෙන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + nineteen =