එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය හෙට (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

රාජ්‍ය නායකයින් පමණක් සහභාගී වූ මෙම සැසිය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද සහභාගී විය.

ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමන කෙසේ විය යුතු ද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිකර ගැනීම, සහයෝගීතාවය ප‍්‍රවර්ධනය මෙන්ම පරිපාලන වියදම් අඩුකර ගනිමින් සාමාජික රටවලට වැඩි ප‍්‍රතිලාභ හිමිවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කෙරිණි.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් මෙම සැසියට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *