න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –තම රටට එරෙහිව සම්බාධක සහ පීඩනය වැඩි කරන තරමට සිය න්‍යෂ්ටික වැඩසටහන තවත් වේගවත් වනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇත.

උතුරු කොරියාවේ විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ නවතම සම්බාධක කුරිරු, සදාචාර විරෝධී, අමානුෂික සතුරුකමක් බව ය.

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනේ දිනුම් කණුව කරා යන බවට නායක කිම් ජොන් උන් ප්‍රතිඥා දී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.

තම ඉලක්කය වී ඇත්තේ, එක්සත් ජනපද හමුදාව සතුව පවත්නා බලයට සම බලයක් සහිත හමුදාවක් තැනීම බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇතැයි පසුගියදා එරට රජයේ නිල මාධ්‍යය වන KCNA පුවත් සේවය වාර්තා කර තිබිණි.

පසුගිය සිකුරාදා උතුරු කොරියාව ජපානයට ඉහළින් යවනු ලැබූ මිසයිලය මෙතෙක් ඔවුන් මුදාහළ ඒවා අතුරින් වැඩිම දුරක් ගමන් කළ මිසයිලයවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 5 =