ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබන්නේද තීරණයවන තීරණාත්මක තරගාවලියක් අද

(කොළඹ, ලංකාපුවත්) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගාවලියක් අද (19) එංගලන්තයේදී ආරම්භවේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතරය.

මෙම තරගාවලිය තරග 05කින් සමන්විත වන අතර එහි පළමු තරගය අද (19) පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හිදි ය.

මෙම එක්දින තරගාවලියේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාව හෝ කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබනු ඇත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 8 ඊට සුදුසුකම් ලබයි.

එම සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට 8 වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායම් එහි පසුවන්නේ 9 වන ස්ථානයේය.

බංග්ලාදේශය කණ්ඩායම ඇතුලූ රටවල් 7ක් මේ වන විටත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා අවසන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *