අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර විමර්ශන ජනපති කොමිසම හමුවට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබා ගැනීමට පසුගිය 13 වන දින බැඳුම්කර කොමිසම තිරණය කළ අතර ඒ අනුව ඔහුට අද(19) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය අත්‍යාවශ්‍ය සාක්ෂියක් වන හෙයින් ඔහුගෙන් සාක්ෂි ලබා ගත යුතු බව බැඳුම්කර කොමිසම තීරණය කරනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *