දිගම්බරම් සමඟ ගහපු ප්ලෑන් එකක් ගැන හරීන් හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා යහපාලන රජයට සහයෝගය දැක්වීමට පෙර එතුමා සමඟින් බම්බලපිටිය කුඩා කාමරයක රහස් සැලැස්මක් සැකසූ බව ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හෙළි කරයි. 

හෙතෙම මේ බව කියා සිටියේ පසුගිය 17වනදා හැටන් ඩී.කේ.ඩබ් ශාලාවේදී පැවති ‘දිගා’ පදනමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

එමෙන්ම අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද සිටින තැන ගැන වැඩියෙන්ම සතුටු වෙන පුද්ගලයා තමන් බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කරන සේවය ගැන තමන් දහස් වාරයක් ස්තූතිවන්ත වන බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා,

” දිගාම්බරම් මැතිතුමා අද ඉන්න තත්වෙ ගැන බලපුවාම වැඩියෙන්ම සතුටු වෙන මිනිහෙක් තමයි හරීන් ප්‍රනාන්දු කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. එතුමා මේ තැනට එනවා. එතුමා මේ ලංකාවේ ඉන්න ලොකුම ඇමතිවරයෙක් වෙනවා. බොරු තොණ්ඩමන්ව පරද්දලා හොඳ මනුස්සයෙක් වන එකම මනුස්සයෙක් වෙන්නේ එතුමයි කියන එක මමයි එතුමයි ප්ලෑන් එකක් ගැහුවේ. බම්බලපිටියේ පුංචි කාමරයක් ඇතුළේ.. ඉතිං ඒක දන්නේ මමයි එතුමයි විතරයි. එතුමා ඒ ආණ්ඩුවේ ඉන්නකොට යූඑන්පී ආණ්ඩුවට එන්න කියලා වැදලා පොඩි ප්ලෑන් එකක් ගහපු පළවෙනි මිනිහා තමයි මම. ඒ නිසා මම තමයි දිගම්බරම් අද ඉන්න තැන ගැන සතුටුම වෙන මිනිහා හරීන් ප්‍රනාන්දුයි කියලා කියන්න ඕන”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *