මෙක්සිකෝ භූකම්පනයෙන් 100කට අධික පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම මෙක්සිකෝවට බලපෑ භූමිකම්පාවකින් 100 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙක්සිකෝ නගරයේ ගොඩනැගිලි රැසක් ද භූකම්පනයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

රික්ටර් පරිමාණයේ 7.1ක් ලෙසින් සටහන් වූ භූකම්පනයෙන් මෙක්සිකෝවේ ප්‍රාන්ත රැසක ජීවිත හා දේපල හානි සිදුව තිබේ. මොරෙලොස් ප්‍රාන්තයේ පමණක් ජීවිතක්ෂයට පත් වූ ගණන 64කි.

මෙක්සිකෝවේ අගනුරව වන මෙක්සිකෝ නගරයේ ගොඩනැගිලි 40ක් පමණ කඩා වැටී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. කුඩා ළමුන් ද ඒ අතර සිටින බව වාර්තා වේ. නගරයේ විසි ලක්ෂයකට පමණ විදුලිය ඇණ හිටීමෙන් දුෂ්කරතා මතුව තිබේ.

1985 වර්ෂයේ දී පුද්ගලයන් දස දහසක් ජීවිතක්ෂයට පත් කරමින් මෙක්සිකෝ නගරයේ භූකම්පනයක් සිදුවිය. එහි 32 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙක්සිකෝ නගරයේ පුහුණු අභ්‍යාසයක් පවත්වා පැය කිහිපයකට පසුව මේ භූකම්පනය සිදුව තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *