කොම්පඤ්ඤවීදියේ මහල් ගොඩනැගිල්ලක කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක හටගත් හදිසි කම්පන තත්ත්වයක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කර තිබේ

අද (21) දහවල් එම කම්පනයත් සමඟ අදාළ ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉන් ඉවත්ව ඇත.

මේ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලීසිය , ආපදා අංශ සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අසළ ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක ඇතිවූ තෙරපුමක් මත මෙම කම්පනය හටගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + eight =