ට්‍රම්ප්ගේ දේශනය රටවල් රැසක් හෙලා දකි

(කොළඹ, ලංකාපුවත්) – නිව්යෝක් නුවර මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් පසුගිය අඟහරුවාදා ( 19) පළමු වරට අදහස් දැක්වූ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයකට දැඩි විවේචනයට එල්ල කළේය.

විශේෂයෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකාව, උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කරනු ලැබීය.

ලෝකයේ “චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම” අතරට ඉරානය ද ඇතුළත් බවත් ඔහු පැවසීය.

ජනාධිපති බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය.

ජනාධිපති ට්‍රම්ප් ගේ දේශනය, ඔහුගේ විවේචනයට ලක් වූ රටවල හෙළා දැකීමට ලක් වී තිබෙන අතර, වෙනත් රටවල් ද එය දැඩි විවේචනයට ලක් කර තිබේ.

ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ඉරානයේ විදේශ ඇමති පවසා ඇත්තේ “ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය” අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව “මධ්‍යතන යුගයට” බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *