ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් සැර පිළිතුරක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු සම්බන්ධයෙන් ජගත් මහමණ්ඩලයේදී අමෙරිකා ජනාධිපතිවරයා කළ තර්ජනය ‘බල්ලකුගේ බිරුමකට’ සමාන බව උතුරු කොරියානු රජය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහමණ්ඩල සැසිය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේ උතුරු කොරියාව මුළුමනින්ම විනාශ කරන බවය.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයට උතුරු කොරියාවේ ප‍්‍රතිචාරය කුමක්දැයි එම සැසියට සහභාගි වීමට පැමිණි උතුරු කොරියානු විදේශ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර සිටියේය.

එමෙන්ම මාධ්‍යවේදීන්ට උතුරු කොරියානු විදේශ ඇමැතිවරයා අතීත කියමනක් සිහිපත් කරමින් පැවසුවේ බල්ලන් බිරුවද පෙළපාළිය ගමන් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 17 =