කොළඹ වරාය ප්‍රවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය ප්‍රවර්ධනය කිරීම සදහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා කටයුතු කරමිනි සිටියි.

එහි එක් පියවරක් ලෙස පසුගියදා ලෝකයේ දෙවන විශාලතම නැව් සමාගම වන Mediterranean Shipping Company(මධ්‍යධරණී නාවික සමාගම) සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ඔවුන් සංචාරයක යෙදුනි. එම සමාගම කොළඹ වරායේ ප්‍රධානතම ගණුදෙනුකරුවා වන අතර ජය බහළු පර්යන්තය එම සමාගමේ ප්‍රධානතම මෙහෙයුම් පර්යන්තය වේ.

එහිදී සමාගමේ සභාපති දියාගෝ අපෙන්ටේ මහතා හා සමූහ විධායක සභාපති කපිතාන් ජී. අපෝනටේ යන මහත්වරු සමග සාකච්ඡා පැවැත්වුණි.

එහිදී අදහස් පළ කළ කපිතාන් කපිතාන් අපොන්ටේ මහතා, ‘MSC Daniela’ නෞකාව අනතුරට පත් වූ අවස්ථාවේ දී එය බේරා ගැනීමට හා ගින්න මැඩ පැවැත්වීමට දක්වන ලද සහය පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.

මෙහිදී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ වරාය සදහා MSC සමාගම දක්වන දායකත්වය හා විශ්වාසය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බවය. එසේම ඉහත අවවස්ථාවකදී මෙන්ම ආපදාවන්ට ලක්වන නෞකා සදහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳවද ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ අවධානය යොමු කර ගැනීමට සිය එකඟතාව පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *