මෙක්සිකෝවේ අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ හටගත් භූ කම්පනය සමඟ අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව මෙක්සිකෝ රජය සදහන් කරයි.

පුවේබ්ලා සහ මොරේලොස් ප්‍රාන්තවලට ඊයේ බලපෑ රිච්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉන් ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී ඇති බවද වාර්තාවේ.

මෙක්සිකෝ අගනුවර ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 21 දෙනෙකු සහ වැඩිහිටියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සුන්බුන් අතර සිරවූවන් සොයා සහන සේවා අංශ තවදුරටත් මෙහෙයුම්වල නිරතවී සිටියි.

මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ පේනා නියේටෝ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. වසර 32කට පසුව මෙක්සිකෝවට බලපෑ දරුණුතම භූ කම්පනය මෙය ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *